පාඨමාලා හා එහි විස්තර

ඉදිකිරීම් යන්ත්‍ර ක්‍රියාකරු පුහුණු පාඨමාලා

පාඨමාලාව කාලසීමාව
බැකෝ ලෝඩරය
දින 30
එක්සේකැවේටරය
දින 30
වීල් ලෝඩරය
දින 14
රෝඩ් රෝලර
දින 7
බොබ්කැට් / ස්කිඩ් ලෝඩරය
දින 7
ෆෝක්ලිෆ්ට්
දින 14
බහුවිධ ඉදිකිරීම් යනේත්‍රශිලේපී

( බැකෝ ලෝඩරය හා එක්ස්කැවේටරය වීල් ලෝඩර් හෝ රෝඩ් රෝලර් පුහුණුව ලබාගත හැකියි. අමතරව බූම් ට්‍රක් පුහුණුව නොමිලේ )
දින 75

*මෙම සියලු පාඨමාලා මහරගම, ඇරැව්වල  IITI ආයතනික පරිශ්‍රය අවට ඇති වැඩ බිම්වල පැවැත්වෙන අතර, පාඨමාලා සාර්ථකව නිම කිරීමෙන් පසුව  ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් සහිත NVQ Level 3/ NVQ Level 4 සහතික පත්‍රය ලබාගත හැක.

සැ. යු. -මෙම සහතික සඳහා සුදුසුකම් ලැබීමට නිර්දේශිත පුහුණු කාලය සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ.

කාර්මික පුහුණු පාඨමාලා (NVQ සහතිකරණය සහිතයි)

පාඨමාලාව කාලසීමාව
ජලනල කාර්මික (Plumber)
මාස 3-6
විදුලි කාර්මික (Electrician)
මාස 3-6
පෑස්සුම් ශිල්පී (Wielder)
මාස 3-6
ඇලුමිනියම් පිලිසකරකරැ (Aluminium Fabricator)
මාස 3-6

ඉදිකිරීම් යන්ත්‍ර තොරතුරු

IITI හරහා ඔබට පුහුණු විය හැකි ඉදිකිරීම් යන්ත්‍ර

එක්ස්කැවේටරය

එක්ස්කැවේටරය නොහොත් කැණීම් යන්ත්‍රය, විශාල පරාසයක කොන්ත්‍රාත් සහ කර්මාන්ත කටයුතු රාශියක් සඳහා භාවිතා වේ. මාර්ග හා ගොඩනැගිලි ඉදිකිරීම්, පතල් කැණීම් ආදී කටයුතු වලදී පොළව හෑරිම, පස් ඉවත් කිරීම, පස් පැටවීම, ප්‍රතිසංස්කරණ සඳහා ගොඩනැගිලි කඩා බිඳ දැමීම, අපද්‍රව්‍ය ඉවත් කිරීම, බර එසවීම ආදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බහුවිධ කාර්යන් සඳහා මෙම යන්ත්‍රය උපකාරී වේ.

බැකෝ ලෝඩරය

කාර්ය කිහිපයක් එකවර සිදුකළ හැකි බහුවිධ උපකරණයක් වන මෙය; කැණීම්, අගල් කැපීම, පස් පිරවීම සහ ද්‍රව්‍ය හැසිරවීම ආදී කාර්යන් සඳහා මෙන්ම භූමි අලංකරණය, තාර කැඩීම ඇතුළුව බොහෝ කටයුතු වලදීද භාවිතා වේ. අනෙක් කැණීම් යන්ත්‍රවලට සාපේක්ෂව කුඩා ප්‍රමාණයෙන් යුතු නිසා බොහෝ විට නාගරික හා කුඩා ප්‍රමාණයේ ඉදිකිරීම් බිම් වල භාවිතා වේ.

වීල් ලෝඩරය

ගල්, වැලි, අපද්‍රව්‍ය, පස් වැනි ඕනෑම ද්‍රව්‍යයක් පැටවීම / ගෙනයාම / ප්‍රවාහනය සඳහා වැඩ බිම තුළ භාවිතා කෙරෙන යන්ත්‍රයකි. විවිධාකාරයේ ඉදිකිරීම් ව්‍යාපෘති වලට
ගැලෙපන අන්දමින් ප්‍රමාණ කිහිපයකින් දැකගත හැකිය.

 

 

 

රෝඩ් රෝලරය

අත්තිවාරම් දැමීම, මාර්ග ඉදිකිරීම වැනි ඉදිකිරීම් කටයුතු වලදී පස්, බොරලු, කොන්ක්‍රීට් ආදී ද්‍රව්‍ය තෙරපා සංයුක්ත කිරීමට මෙන්ම කසළ ගොඩ කිරීම, ඉඩම් ගොඩකිරීම සහ කෘෂිකාර්මික කටයුතුවලදී ද භාවිතා වන බර යන්ත්‍රයකි.

 

බොබ්කැට් / ස්කිඩ් ලෝඩරය

වැඩබිම තුලදී පහසුවෙන් අමුද්‍රව්‍ය පැටවීම/ප්‍රවාහනය සඳහා භාවිතා කෙරෙයි. දැනට ක්ෂේත්‍රයේ විශාල ඉල්ලුමක් ඇති උපකරණයකි.

 

 

ෆෝක්ලිෆ්ට්

ෆෝක්ලිෆ්ට් යනු කෙටි දුරක් හරහා ද්‍රව්‍ය එසවීමට සහ ගෙන යාමට භාවිතා කරන බල ගැන්වෙන කාර්මික ට්‍රක් රථයකි. එය සාමාන්‍යයෙන් සමන්විත වන්නේ පැලට් හෝ වෙනත් බර එසවීමට සහ රැගෙන යාමට, ඉහළට සහ පහත් කළ හැකි බලයෙන් ක්‍රියාත්මක වන වේදිකාවකිනි. ෆෝක්ලිෆ්ට් සාමාන්‍යයෙන් ගබඩාවල, බෙදාහැරීමේ මධ්‍යස්ථානවල සහ නිෂ්පාදන පහසුකම්වල ට්‍රක් රථ පැටවීම සහ බෑම, පැලට් ගොඩගැසීම සහ සීමිත ඉඩක් තුළ බර භාණ්ඩ ගෙනයාම වැනි කාර්යයන් සඳහා භාවිතා වේ.

සහතිකපත්‍ර

එක් එක ශිෂ්‍යයාට පෞද්ගලික අවධානය ලබාදෙමින් ඔවුන්ට මනා පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව, ඒ ඒ යන්ත්‍ර ක්‍රියාකරවීමෙහිලා ඔවුන් ප්‍රදර්ශනය කරන හැකියාව මත පහත සඳහන් සහතික පත්‍ර ප්‍රධානය කරනු ලැබේ. දේශීය ව හා විදේශීය ව පිළිගැනෙන මෙම  සහතික පත්‍ර මගින් අපගේ සිසුන් රැකියා වෙළඳපොළෙහි ඔසවා තැබෙන අතර, NVQ හා ආයතනික සහතික පත්‍ර ලබාගැනීම සඳහා අප විසින් නිර්දේශිත පුහුණු කාලය සම්පූර්ණ කිරීම අනිවාර්යය.

ජාත්‍යන්තරව පිළිගත් NVQ level 3 හා NVQ level 4 සහතික පත්

NVQ සහතිකය යනු හුදෙක් පුහුණු සහතිකයක් ම නොවේ. එය යමෙකු සතුව පවත්නා නිපුණතාවයන් තහවුරු කෙරෙන, වැඩ කිරීමේ හැකියාව මත පිරිනමන සහතිකයකි. මෙම සහතිකය මඟින් අදාළ නිපුණතාවය ඇති බවට ජාතික හා ජාත්‍යන්තර වශෙයන් තහවුරු කෙරෙනු ඇත. තවද මෙම NVQ ක්‍රමය ජාත්‍යන්තර වෘත්තීය නිපුණතා ඇගයීමේ ක්‍රමයක් බැවින් විදෙස් රැකියා ලබා ගැනීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත.  

ආයතනය මගින් පිරිනමන පාඨමාලා සහතික පත්‍රය

TRADE CERTIFICATE

දැනට ඉදිකිරීම් යන්ත්‍ර ක්‍රියාකරවීමෙහි යෙදෙන නමුත් ලිඛිත සුදුසුකමක් නොමැති  පුද්ගලයන්ට අප ආයතනය හරහා සිය නිපුණතාව තහවුරු කිරීමට
TRADE CERTIFICATE එකක් ලබාගන්න හැකිය.

IITI certificate