සිසුන්
පාඨමාලා වල වැදගත්කම
වැඩි දුර අධ්‍යාපනය සඳහා යොමු නොවී, තමා වෙනුවෙන් වෘත්තීය ජීවිතයක් ගොඩනංවා ගැනීමට වෙහෙසෙන තරැණයන්ට මෙය ඉතා අනගි අවස්ථාවකි. මෙම පාඨමාලා මගින්, එක් එක් සිසුවා සඳහා පෞද්ගලික අවධානය ලබාදෙමින් ඔවුන් නිසි කුසලතාවන් ලබාගන්නා තුරැ ම ඒ ඒ යන්ත්‍ර ප්‍රායෝගිකව පුහුණු වීමට ඉඩ ලබා දේ. නිසි පුහුණු කාලය සම්පූර්ණ කර, ඉහළ කුසලතා පෙන්වන සිසුන් ආයතනයට ලැබෙන රැකියා අවස්ථා ඇතොත් ඒ සඳහා නිර්දේශ කෙරේ.
අදාළ යන්ත්‍ර පුහුණුවට සමගාමීව පෞර්ෂත්ව සංවර්ධන වැඩසටහනක් ද සිදුවන අතර ඒ ඔස්සේ ක්‍රමවත් හැඳි ගෑරැප්පු භාවිතය, ඉහල සමාජය හා ගණුදෙනු කිරීමට අවශ්‍ය අචාර විධි, ගුවන් තොටුපලේ, තරුපන්තියේ හෝටල් ආදියේ කටයුතු කිරීමට අවශ්‍යය විධිමත් දැනුම ආදිය පුහුණු කෙර්.
නිරතුරැව දියුණු වෙමින් පවතින ඉදිකිරීම් වැනි ක්ෂේත්‍රයක, තාක්ෂණික දැනුම හා කායික ශ්‍රමය වැයවන රැකියාවක් නිසාම ඉදිකිරීම් යන්ත්‍රකික්‍රියාකරැ යනු ඉහළ වැටුප් ගෙවීම් සහිත තනතුරක් වන අතර මේ සඳහා දේශීය මෙන්ම විදේශීය රැකියා අවස්ථාද සුලභව ඇත. තවද, ඉදිකිරීම් යන්ත්‍රකික්‍රියාකරැවන් සඳහා ඇති රැකියා අවස්ථා 2021 සිට 2030 අතර කාලය තුළ 5% කින්, එනම් අනෙක් සියලුම රැකියා සඳහා ඇති සාමාන්‍යය ට වඩා වැඩි අගයකින් ඉහල යන බවට සමීක්ෂණ මගින් පැවසේ. පුරෝකථනය කර ඇති අන්දමට දශකයේ සෑම අවුරුද්දකට ම රැකියා අවස්ථා 50,800 ක පමණ ප්‍රමාණයක් උත්පාදනය විය හැක.
අන්තර්ජාතක මට්ටමෙන් පිළිගැනෙන නිපුණතා සහතිකයක් ද සමඟ, නුදුරැ අනාගතයේදී යල් පැන නොයන බවට තහවුරු කළහැකි රැකියා පුහුණුවක් මෙම පාඨමාලා හරහා ලබාදෙන බව අප විශ්වාසයෙන් කියන්නේ එහෙයිනි.
ඔබ IITI ම තෝරාගත යුත්තේ ඇයි?
- මෙම පාඨමාලාව වසර ගණනාවක පළපුරුද්ද සහිත, ඉහළ සුදුසුකම් සහිත උපදේශකවරයෙකු මගින් මෙහෙයවේ.
- හොඳින් පුහුණු කරවන ලද සුදුසුකම් ලත් සහාය පුහුණුකරුවන් මඬුල්ල මගින් එක් එක් ශිෂ්‍යයා කෙරෙහි පෞද්ගලික
අවධානය යොමුකරයි. - Multi-media, Video tutorials ආදී නවීන තාක්ෂණයන් යොදාගත්, වඩාත් ඵලදායී අධ්‍යාපන ක්‍රමවේදයක් ඇතුලත් වේ.
- යන්ත්‍ර පුහුණුවට අමතරව, විදේශගතවන්නන් හට පෞර්ෂත්ව වර්ධනයට සහ එදිනෙදා ජීවිතයට අවශ්‍ය ආචාර-විධි සහ
ඉංග්‍රීසි දැනුම ඇතුළත් ප්‍රායෝගික පුහුණුවක් ද ලබාදේ. (ATM යන්ත්‍ර භාවිතය, බැංකු ගණුදෙනු වලට අදාල ප්‍රායෝගික දැනුම ආදිය ද ඇතුලත් ය.) - ආයතනික ටී-ෂර්ටයක්, ඕවරෝල් (Overall) කිට් එක, හෙල්මටය ආදී ආරක්ෂක උපකරණ කට්ටලය ඔබට ආයතනයෙන්
සැපයේ. - වාරික ක්‍රමයට පාඨමාලා ගාස්තු ගෙවීමේ හැකියාව සහිතයි.
- නොමිලේ නවාතැන් පහසුකම් සහ සහනදායී මිලකට ආහාර සැපයේ.
ලියාපදිංචි වීමේ පෝරමය
පාඨමාලාවට ලියාපදිංචි වන්නේ කෙසේද?
ඔබ වයස අවුරුදු 16ට වැඩි අයෙක් නම්, මේ සඳහා අයදුම් කළ හැකි අතර පාඨමාලාවට ලියාපදිංචි වීම සඳහා පහත සබැඳිය (link එක) හරහා ගොස්, එහි ඉල්ලා ඇති ඔබේ විස්තර ද සමඟින්, රු. 2,000/- ක ලියාපදිංචි ගාස්තුවක්, පහත අංකය දරන ගිණුමෙහි තැන්පත් කල යුතුය.
Imasha Enterprises
HNB Bank
Cinnamon Garden Branch
Acc No : 076010136778
ගෙවීම් කුවිතාන්සියෙහි (slip) ෆොටෝ එකක් අදාල ස්ථානෙයහි අමුණන්න.
ලියාපදිංචි වීම සඳහා සබැඳිය (link එක) :- https://forms.gle/2FbSCHJk9LeBYvsm7